ශ්‍රිී ලංකාව හා ෆින්ලන්තය අතර සබඳතා වර්ධනය කර ගැනීමට පියවර

Share Button

 

 

ශ්‍රීී ලංකාවේ ෆින්ලන්ත තානාපති හරී කමරයිනන් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි. දෙරට අතර පවතින වත්මන් සබඳතා පිළිබදව එහිදී අවධානය යොමු විය. ව්‍යාපාරික සමුඵවක් සදහා නොකියා සහ ෆෝටම් ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක නියෝජිතයෝ ලබන ඉරිදා දිවයිනට පැමිණෙන බව ෆින්ලන්ත තානාපතිවරයා එහිදි පැවසීය. එම නියෝජිත පිරිස මෙරට සමාගම් සමග තම අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි. දෙරට අතර ඩිජිටල්කරණය . සෞඛ්‍ය හා අධ්‍යාපන යන ක්‍ෂේත්‍රවල සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබෙනු ඇත. දෙරටේ රාජ්‍ය නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ලබන අගහරුවාදා එය සිදු වෙයි. බලශක්ති හා අධ්‍යාපන යන ක්‍ෂේත්‍රවලට අදාල තවත් අවබෝධතා ගිවිසුම් 2 කට පෞද්ගලික සමාගම් කිහිපයක් අත්සන් තබනු ඇත. මේ ආකාරයෙන් දෙරට අතර සහයෝගිතාව වර්ධනය කර ගැනීමට හැකිවීම පිළිබදව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සතුට පළ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *