බඩඉරිගු වගා කරන ඉඩම් ප්‍රමාණය ඉහලට

Share Button

මහ කන්නයේ බඩඉරිගු වගා කරන ඉඩම් ප්‍රමාණය අක්කර දෙලක්ෂ පනස් දහසක් දක්වා ඉහල නංවා තිබෙ. එමගින් ජාතික අවශ්‍යතාවයෙන් සියයට 50 ක් සපුරා ගැනීම කෘෂිකර්ම අමාත්‍යංශයේ අපේක්ෂාවයි. මෙරට ඉතා හොඳින් වගා කළ හැකි බෝගයක් ලෙස බඩඉරිගු හදුනාගෙන ඇත. මේ වසරේ මේ දක්වා ආනයනය කර ඇති බඩඉරිගු ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් අසු දහසකට ආසන්නය.

ආනයනකරුවන් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ආනයනය කිරීමට අවසර ඉල්ලුවත් දේශීය ගොවීන් ගැන සිතා ඊට අවසර ලබා දී නොමැත. බඩඉරිගු වගාවට විශාල හානියක් කළ හැකි වු සේනා දළඹු වසංගතය මේ වනවිට පාලනය කිරිමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හැකිවී ඇතැයි අමාත්‍යංශය පෙන්වා දෙයි. එම දළඹු විශේෂය හේතුවෙන් බඩඉරිගු අක්කර දෙදහසකට පමණ හානි සිදුවී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *