ඉරණමඩු ජලාශයෙන් ජලය නිකුත් කිරීම – ජනපති ප්‍රධනත්වයෙන්

Share Button

ප්‍රතිසංස්කරණය කෙරුණු ඉරණමඩු ජලාශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනතා අයිතියට පැවරිනි. ජනාධිපතිතුමාගේ පුර්ණ මගපෙන්විම යටතේ මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සමග ආරම්භ කෙරුණු මෙරට වැව් ක්‍රියාන්විතයේ දෙවන අදියර ලෙස කිලිනොච්චිය ඉරනමඩු ජලාශයේ පිළිසකර කටයුතු හැඳින්විය හැකිය.

එම ජලාශයේ පිළිසකර කටයුතු සිදුකෙරුණේ 1975 න් පසුව විම විශේෂත්වයකි. ප්‍රදේශයේ පානීය ජල ගැටඑවට ද එමගින් විසඳුම් ලැබේ. රුපියල් කෝටි 200 කට අධික වියදමකින් සිදුකෙරුණ පිළිසකර කටයුතු සඳහා පළාත්සභා හා පළාත්පාලන අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව මුල්‍ය ප්‍රතිපාදන සැපයීය.

පිළිසකර කිරීමෙන් පසුව ජලාශයේ ධාරිතාව පුඑල් වි ඇති අතර කිලිනොච්චිය ජනතාවට අතිරික්ත වන ජලය ඉදිරියේදි යාපනය ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් රැගෙන යාම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි.

ජලාශයේ වාන් දොරටු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. එහිදි අදහස් දැක්වු ජනාධිපතිතුමා ඉරණමඩු ජලාශයෙන් ජලය නිකුත්වීම උතුරේ සංහිඳියාව ශක්තිමත් කිරිමට සිදුකළ යුග මෙහෙවරක් ලෙස හැඳින්විය. උතුරේ ජනතාවගේ ජීවිත ආලෝකමත් කිරීම මෙන්ම රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ද එමගින් පුඑල් දායකත්වයක් ලැබෙනු ඇතැයි එතුමා විශ්වාසය පලකලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *