සිරිපා වන්දනා සමය 22 වැනිදායින් ඇරඹෙයි

Share Button

ශ්‍රීපාද වන්දනා සමය එළඹෙන 22 වැනිදාට යෙදෙන උදුවප් පොහෝ දිනයෙන් ඇරඹේ. ශ්‍රීපාදස්ථානාධිපති සිරි ධම්මදින්න ස්වාමින් වහන්සේ පවසන්නේ පැල්මඩුල්ල. ගල්පොත්තාවෙල. ශ්‍රී රජමහ විහාරස්ථ සුමණ මහ මන්දිරයේ තැන්පත් සධාතුක කරඩුව හා සමන්දේව ප්‍රතිමාව දෙසැම්බර් 21 වැනිදා අලුයම ශ්‍රීපාද මඵවට වැඩම කිරීමට නියමිත බවයි.

ඊට සමගාමීව ශ්‍රීපාද මඵව දක්වා මාර්ග තුනෙන් පෙරහර 3 ක් පැවැ්තවෙයි. ශ්‍රීපාද වන්දනාවාරය ආරම්භ කිරීම වෙනුවෙන් සංඝරත්නය සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුව අමතමින් උන්වහන්සේ මේ කරුණු දැක්වුහ. පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හමුව පැවැත්විනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *