රාජ්‍ය යාන්ත්‍රණය ස්ථාවර කරගැනීම ප්‍රමුඛ අවශ්‍යතාව බව අවධාරණය කෙරේ

Share Button

රාජ්‍ය යාන්ත්‍රණය ස්ථාවර කරගැනීමට එක්සත් ජාතික පක්‍ෂයත්. ජනතා විමුක්ති පෙරමුණත් ප්‍රමුඛ අවධානය යොමු කළයුතු බව කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්‍ෂ මහතා කියයි. රට අවිනිශ්චිතව පවතින මේ මොහොත් වගකීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව හෙතෙම පෙන්වා දෙයි.

ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට අද අදහස් පලකරමින් ඔහු පවසන්නේ ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර පවතින ගැටඵව අධිකරණය දක්වා යාම රටට හිතකර නොවන බවයි.

සංවාදයට එක් වු ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා පෙන්වා දෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පසුගිය කාලයේදී විකෘති කිරීම් කිහිපයකට ලක්වු බවයි. බටහිර සංස්කෘතියට හැඩගැසුණු රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දේශීය සංස්කෘතිය සුරක්‍ෂිත කිරීම අපේක්ෂා කළ නොහැකි බව පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *