ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා හවුල්කාර සියඵ පක්‍ෂ එක්ව නව සංවිධානයක් පිහිටුවීමට තීරණය කරයි

Share Button

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. හා හවුල්කාර සියඵ පක්‍ෂ එක්ව නව සංධානයක් පිහිටුවීමට තීරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා ජාතික ගුවන් විදුලියට පැවසුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්යෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ රාත්‍රියේ රැස්වු පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්විමේදී එම තීරණයට එළඹි බවයි.

මුලික ප්‍රතිසංවිධාන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා විය. මෙතෙක් පත්කර නැති ආසන සදහා සංවිධායකවරුන් කඩිනමින් පත් කිරීමටද තීරණය වු බව මහලේකම්වරයා පැවසීය. අධිකරණයේ ඕනෑම තීන්දුවකට හිසනවමින් රට ස්ථාවර කිරීමේ ප්‍රමුඛ වගකීමෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුදානම්ය. ඒ සදහා ජනතා මතය විමසීමේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලට ශක්තිමත් පදනමකින් සහ පුඵල් පෙරමුණකින් කටයුතු කිරීමට පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව හෙතෙම සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *