පොතුවිල් හරහා මඩකලපුව දක්වා තද වැසි සහ සුළං ඇතිවීමේ හැකියාව පවති

Share Button

බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පිඩන කලාපය හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එබැවින් එම මුහුදු ප්‍රදේශ ක්‍ෂණිකව රඵවීමට වැඩි හැකියාවක් පවති.

මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ධිවර සහ නාවික ප්‍රජාවට දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. නැගෙනහිර. ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *