ලෝක ජනගහනයෙන් අඩකටත් වඩා අන්තර්ජාලය භාවිත කරයි

Share Button

ලෝක ජනගහනයෙන් අඩකටත් වඩා අන්තර්ජාලය භාවිත කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවක් හෙලි කරයි. එම වාර්තාවට අනුව අන්තර්ජාලය භාවිත කරන සමස්ත සංඛ්‍යාව කෝටි 390 කි.

මේ වසර අවසන් වනවිට ලෝක ජනගහනයෙන් සියයට 51 යි දශම 2 ක් අන්තර්ජාලය සමග සම්බන්ධ වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය කියයි.

ලෝක ජනගහනයෙන් අඩකට වඩා ජංගම දුරකතන භාවිත කරන බවද එම වාර්තාවේ සදහන් වේ. ලෝක ජනගහනයෙන් සියයට 96 ක් ජංගම දුකරකතන භාවිත කරති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *