පාර්ලිමේන්තුවේ වත්මන් අර්බුදයට විසඳුම් ලැබෙන්නේ නව පාර්ලිමේන්තුවකින් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දෙයි.

Share Button

පාර්ලිමේන්තුවේ වත්මන් අර්බුදයට විසඳුම් ලැබෙන්නේ නව පාර්ලිමේන්තුවකින් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙන ඕනෑම තින්දුවක් පිළිගෙන රට යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලේය.
පාරී්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසිංහ මහතා පැවසුවේ පවතින අවිනිශ්චිත තාව රටේ ආර්ථිකයට මෙන්ම ප්‍රතිරූපයට ද බරපතල හානියක් බවයි. පිළිසකර කෙරුණු ඉරණමඩු ජලාහය විවෘත කිරීමට ගිය ජනාධිපතිතුමාට උතුරේ ජනතාවගෙන් ඉහළ පිළිගැනිමක් ලැබුනු බව ද ඔහු සඳහන් කලේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් විපක්ෂය රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් පෙනි යන්නේ ඔවුන් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පිළිගෙන ඇති බව යැයි සඳහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11