දුම්රියේ ගැටී වන අලීන් මියයාම වැළැක්වීමට නව වැඩපිළිවෙලක්

Share Button

දුම්රියේ ගැටී වනඅලින් මියයාම වළක්වා ගැනීම සදහා නව වැඩපිළිවෙලක් ඇරඹෙයි. එවැනි අවදානම් තත්වයන් පිළිබඳව 070 444 54 54 යන අංකයට ජංගම දුරකථන කෙටි පණිවුඩයක් මගින් දැනුම් දිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

එම කෙටි පණිවුඩය දුම්රිය පාලක මැදිරිය ඇතුඵ සමස්ත පද්ධතියටම ක්‍ෂණිකව ලැබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය. ඊයේ සිට නව වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. වසරේ ගතවුණු කාලය තුළ දුම්රියේ ගැටී වනඅලින් 13 දෙනෙකු මියගොස් තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *