දෙමළ ජාතික සන්ධානයේ සහයෙන් රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ ඡන්ද 117 ක්

Share Button

දෙමළ ජනතාවගේ ගැටඑවලට විසඳුම් ලැබි නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒකීය රාජ්‍යයක් තුල සිංහල. දෙමළ. මුස්ලිම් අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් ක්‍රියා කරන බව ඔහු කියා සිටි. ඉදිරියේදි පළාත්සභා සඳහා වැඩි බලතල ලබාදිමට ක්‍රියා කරන බව ද ඔහු අද පාර්ලිමේන්තුවේදී කිවේය.

ආණ්ඩුවක් ලෙස තම පාලන කාලයේ අඩුපාඩු සිදුවු බව ද ඔහු පිළිගත්තේය. 2015 තමන් බලයට පැමිණෙන විට ප්‍රජාතන්ත්‍රවාදය දුර්වලවී තිබුන බව වික්‍රමසිංහ මහතා කිවේය. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පලකිරීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු යෝජනාවේදි ඔහුට පක්ෂව ඡන්ද 117 ක් ලැබුනි.

දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේය. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දිමෙන් වැලකී සිටියේය. පාර්ලිමේන්තුව ලබන 18 වැනිදා පස්වරු 01.00 ට යළි රැස්වේ. පාර්ලිමේන්තුව අද පස්වරු 01.00 ට කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුනි. කථානායක වරයාගේ පක්ෂග්‍රාහි ක්‍රියා පිළිවෙත හා ව්‍යවස්ථා විරෝධී කටයුතුවලට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවට නොපැමිණියහ.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව කිසිවෙකුට අධිකරණයට යා නොහැකි බවයි. එක්සත් ජාතික පෙරමුණට ලෝකය දිනාගැනීමට හැකිවු බව පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවිර මහතා කිවේය. ප්‍රධාන පක්ෂ දෙකම දේශපාලනය ව්‍යාපාරයක් බවට පත්කරගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *