මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරයේ හා ඇමති මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම අත්හිටුවමින් නිකුත් කළ රිට් ආඥාවට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලීම ලබන සිකුරාදා

Share Button

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේ හා අමාත්‍ය මන්ඩලයට එම තනතුරුවල කටයුතු කිරිම අත්හිටුවමින් රීට් ආඥාවක් නිකුත් කිරිමට එරෙහිව ගොනු කළ පෙත්සම ලබන සිකුරාදා සලකා බැලිමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මණ්ඩලය ඇතඑ පාර්ශ්ව එම පෙත්සම ගොනු කර තිබිණි.

ප්‍රියන්ත ජයවර්ධන. ප්‍රසන්න ජයවර්ධන සහ එල්. ටි. බී. දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද කැදවනු ලැබිය. වගඋත්තරකරුවන්ට නිසියාකාරව නොතිසි නිකුත් නොකිරිම සහ නොලැබිම යන කරුණු හේතුවෙන් පෙත්සම සලකා බැලිම ලබන සිකුරාදාට කල් තැබිමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මෙම විශේෂ අභියාචනා පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඇතුඑ එක්සත් ජාතික පක්ෂය. දෙමළ ජාතික සන්ධානය. ජනතා විමුක්ති පෙරමුණ. ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සමස්තලංකා මහජන කොන්ග්‍රසය යන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එකසිය විසිදෙදෙනෙකු නම්කරුනු ලැබ තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *