අග්‍රාමාත්‍ය ධුරය සහ අමාත්‍ය මණ්ඩලයට නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ගොනු කළ පෙත්සම් අද සලකා බැලේ

Share Button

තමා අගමැතිධූරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කල විශේෂ අභියාචනා පෙත්සම් දෙක අද සලකා බැලීමට නියමිතයි. මෙම අභියාචනා පෙත්සම් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණ. වගඋත්තරකරුවන්ට නිසි පරිදි නොතෙසි නොලැබීම හේතුවෙන් අභියාචනා පෙත්සම් සලකා බැලීම අදට කල් තැබින. මෙම විශේෂ අභියාචනා පෙත්සම් වගඋත්තරකරුවන් ලෙස රනිල් වික්‍රමසිංහ. මහතා ඇතුඵ එක්සත් ජාතික පක්ෂය. දෙමල ජාතික සන්ධානය. ජනතා විමුක්ති පෙරමුණ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය . සමස්ථ ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු එකසිය විසි දෙදෙනෙක් නම් කරනු ලැබ සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *