මෙරට ගුවන් විදුලි සේවා ආරම්භ වී අදට වසර 93 යි

Share Button

මෙරට ගුවන් විදුලි සේවා ආරම්භ වී අදට වසර 93 ක් සපිරෙයි. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හියු ක්ලිෆර්ඩ් මහතාගේ මුලිකත්වයෙන් ්1925 දෙසැම්බර් 16 වැනිදා මෙරට ගුවන් විදුලි සේවා නිල වශයෙන් ආරම්භ කෙරිණි. ආරම්භයේදී විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යටතේ පැවති ගුවන් විදුලි සේවය 1949 ඔක්තෝබර් 01 වැනිදා රේඩියෝ සිලෝන් යන නමින් නව දෙපාර්තමේන්තුවක් ලෙස ප්‍රතිෂ්ථාපනය කෙරිණි. ජෝන් ඒ. ලැම්ප්සන් මහතා ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂවරයායි. 1967 ජනවාරි 05 වැනිදා ලංකා ගුවන්විදුලි දෙපාර්තමේන්තුව සංස්ථාවක් ලෙස යලි ප්‍රතිෂ්ථාපනය කෙරුණු අතර. නෙවිල් ඩී. ජයවිර මහතා එහි ප්‍රථම සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා විය. මේ වනවිට ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව දේශිය වශයෙන් සිංහල සේවා තුනක් . දෙමළ සේවා දෙකක්. සහ ඉංග්‍රිසි සේවයක් ප්‍රචාරය කරයි. විදේශිය සේවා පහක් ප්‍රචාරය කෙරේ. රජරට . රුහුණ. කදුරට. වයඹ හඩ. යාපනය. ඌව ගුවන්විදුලිය හා පිරෙයි එෆ්.එම් සංස්ථාව සතු ප්‍රාදේශිය සේවා වෙයි. දඹාන රේඩියෝව ප්‍රජා ගුවන්විදුලියක් ලෙස ක්‍රියාත්මකය.ි ආසියාවේ ප්‍රධානතම ගී තැටි පුස්තකාලය තවදුරටත් ඇත්තේ ජාතික ගුවන්විදුලිය සතුවය. ඉන්දියාවේ ද සොයාගත නොහැකි ඉතාමත් දුර්ලභ හින්දු ගී තැටි ජාතික ගුවන්විදුලිය සතුය. ලෝකයේ විවිධ ජනනායකයින්ගේ හඩ කොටස් ඇති එකම පුස්තකාලයටද ජාතික ගුවන්විදුලිය හිමිකම් කියයි. සිංහල ස්වදේශිය සේවය. සිටි.එෆ්.එම්. තෙන්ඩ්‍රල් දෙමළ සේවයට. අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකිය. එමෙන්ම සිංහල ස්වදේශිය සේවය. සිටි.එෆ්.එම්. තෙන්ඩ්‍රල් දෙමළ සේවය හා ඉංග්‍රිසි සේවය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ද විසුරුවා හැරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *