විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට

Share Button

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පත්කෙරේ. පර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඔහුව විපක්ෂ නායක ලෙස පිළිගන්නා බව කථානායක කරූ ජයසුරිය මහතා නිවේදනය කලේය එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වන්නේ මහින්ද අමරවිර මහතාය. සභානායක ලෙස ලක්ෂමන් කිරිඇල්ල මහතාත්. ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතාත් පත්කරනු ලැබුහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත්කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විරෝධය පලකරයි. පාර්ලිමේන්තු මන්ත්‍රි එම් සුමන්තිරන් මහතා පැවසුවේ යම් පක්ෂයක සාමාජිකයෙකු පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගන්නේ නම් මන්ත්‍රි ධූරය අහිමි වන බවයි. ඒ පිළිබඳව තිරණයක් ගැනීමට තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයක නායකයෙකු බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහුව මෙම තනතුරට පත්කිරීම කළ නොහැකි බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10