මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත්කර ඇත්තේ තමා එම තනතුරින් ඉවත් නොකර බවට ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාගෙන් ප්‍රකාශයක්.

Share Button

පාර්ලිමෙන්තුව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්විය. එහිදී විශේෂ ප්‍රකාශයක් කළ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආර් සම්බන්ධන් මහතා ප්‍රකාශ කලේ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත්කර ඇත්තේ තමා එම තනතුරින් ඉවත් නොකර බවයි. එය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැටහැනි බව ඔහු පෙන්වා දුන්නේය. පාර්ලිමේන්දු මනත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදි පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වි හෝ ඉවත් කර නැති බවයි. එම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ඔහු විපක්ෂ නායක ධූරයට නම්කර ඇතැයි ඔහ ුසඳහන් කලේය. මෙම කරුණු කථානායකවරයාගේ් අවධානයට යොමු කරන බව නියොජ්‍ය කථානායකවරයා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *