එක්සත් ජාතික පෙරමුණු රජය සැමවිටම තින්දු තීරණ ගන්නේ සියලුදෙනා ශ්‍රි ලාංකිකයන් ලෙස සිතා යැයි ඇමති වජිර අබේවර්ධන මහතා කියා සිටි

Share Button

ඉදිරි මාස දෙක ඇතුළත වඩා යහපත් තත්ත්වයකට රට පත්කරන බව ඇමති වජිර අබේවර්ධන මහතා කියයි. ගත වු දින 59 කට ආසන්න කාලයේදි විනාශ වූ ආර්ථිකය හා දේශපාලන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරිම රජයේ ප්‍රධාන වගකිම වන බව අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකදි ඔහු කිවේය සියලු ජාතින්ට එකට ජිවත්විය හැකි රටක් බිහි කිරිම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයේ ප්‍රධාන අරමුණයි.

පක්ෂය ආරම්භයේ සිටම ජාතින් සියල්ල නියෝජනය කරන එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය බැවින් ිඑම අරමුණ ඉටු කර ගැනිමේ හැකියාවද සතු බව ඔහු කියා සිටි. රටක ස්ථාවරත්වයට බලය අත්‍යවශ්‍ය වේ. එබැවින් ශ්‍රිලාංකිකයන් ලෙස නැගි සිටිය හැකි පරිසරයක් උදා කිරිම සදහා එම බලය පාවිච්චි කරන බව ද ඔහු කියා සිටි. එක්සත් ජාතික පෙරමුණු රජය සැමවිටම තින්දු තිරණ ගනු ලබන්නේ ශ්‍රි ලාංකිකයන් ලෙස සිතාබලා යැයිද ඔහු පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *