අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට- අයවැය ලබන මාසයේදි.

Share Button

නව රජය හෙට දිනයේදි අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් . ලබන මාසයේදි අයවැය ඉදිරිපත් කරන බවත් ඇමති මංගල සමරවිර මහතා අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ දි ඇමති ධුරයේ වැඩ බාර ගනිමින් සදහන් කළේය.

අතුරු සම්මත ගිණුම මගින් සියලු කටයුතු යලි ආරම්භ කරන අතර. නව පාසල් වාරය ඇරඹිමත් සමග ලක්ෂ 40 කට වැඩි පාසල් සිසුන්ට නිල ඇදුම් දිම සදහා වවුචර්පත් ලබාදෙන බවද ඔහු කියයි . නව රජය පත් කර ගැනිමට නොහැකි වුයේ නම් ලබන මස සිට රාජ්‍ය සේවක වැටුප්. පොහොර සහනාධාරය. පාසල් නිල ඇදුම් ලබාදිම . සමෘද්ධි සහනාධාරය සහ සියලු සුබසාධන කටයුතු සිදුකිරිමට අවස්ථාවක් නොලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය .

ලබන වසරේ පලමු මාසය සදහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765 ක් වෙන් කර ඇත. ඉන් රුපියල් බිලියන 970 ක් ණය සේවාකරණය වෙනුවෙන් වෙන් කර තිබෙ.් මේ නිසා මුල් මාස හතරේ වියදමෙන් සියයට 55 ක්ම වැය වන්නේ ණය වාරික හා පොලි ගෙවිම සදහා බව ඇමතිවරයා කියයි. නවතා දමා තිබු සියලු සංවර්ධන හා සුබසාධන කටයුතු යලි ඇරඹේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *