වතු කම්කරුවන් හා හාම්පුතුන් අතර කඩිනමින් පොදු එකගතාවක් ඇතිවන ලකුණු

Share Button

වතු කම්කරුවන් සහ වතු හිමියන් අතර පවත්වන සාකච්ඡා පොදු එකගතාවකින් කඩිනමින් අවසන් කර සාමූහික ගිවිසුමට එළඹීමේ අවශ්‍යතාව සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණ්ෂ්ක වීරසිංහ මහතා අවධාරණය කරයි. ඉකුත් ඉරිදා පැවති සාකච්ඡාවේදී වතු සමාගම් 23 ක් ඔවුන් පෙර සිටි ස්ථාවරය වෙනස් කර තිබේ.

වතු කම්කරු මුළික වැටුපේ වෙනසක් සිදුනොකර ඔවුන්ට දිනකට රුපියල් දහසක් ලැබෙන ආකාරයට එම යෝජනා ඉදිරිපත් කෙරිනි. එම යෝජනාවලියට වතු වෘත්තිය සමිතිවලින් යහපත් ප්‍රතිචාර කඩිනමින් ලැබෙනු ඇති බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්වාසය පල කරයි.. මෙම වසර අවසන් වීමට පෙර සාමුහික ගිවිසුමට අත්සන් කිරිමට හැකිවුවහොත් තේ කර්මාන්තයේ ප්‍රගතියට එය හේතුවෙයි.

දින 8 ක් තුල වතු කම්කරුවන්ගේ වර්ජනයෙන් තේ කර්මාන්තයට සිදුවු පාඩුව රුපියල් බිලියන 2 කි. එසේම මෙරට තේ වෙළූඳපලටත් එහි බලපෑම එල්ලවු බව ඔහු සඳහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *