ඉදිරි වසර 10 තුල සිදුකිරිමට නියමිත ජනතා සංවර්ධනය මාස 10 කින් සිදුකරන බවට සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගෙන් ප්‍රතිඥා

Share Button

වසර 10 ක් තුළ සිදු කිරීමට නියමිත ජනතා සංවර්ධනය ඉදිරි මාස 10 ක කාලය තුළ සිදු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද පෙරවරුවේ නිවාස. ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යධූරයේ වැඩ භාර ගනිමින් ඔහු ඒ බව පැවසීය. රාජ්‍ය සම්පත් හා රාජ්‍ය දේපල අවභාවිත නොකර හිමි වන සියලු වරප්‍රසාද රටේ අසරණ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා කැපකළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කරයි. දස වන ලෝක කායවර්ධන හා ශාරිරික යොග්‍යතා තරගාවලියේදි රන් පදක්කමක් හිමිකර ගත් කායවර්ධන ශූර ලුෂන් පුෂ්පරාජ් මහතාට රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කිරීම ද ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදුවිය..

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *