ඖෂධ හිගය තව නොබෝ දිනකින් අවසන්

Share Button

රෝහල්වල පවතින ඖෂධ හිගය කඩිනමින් විසදිමට පියවරගන්නා බව ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදි ඔහු මේ බව කිවේය. මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව හා බාහිර ප්‍රතිකාර රොගින් සදහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 5 හිගයක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දි ඇත. ඖෂධ හිගය නිසා රෝගින් ඇතුලත් කරගැනිම ද ඊයේ තාවකාලිව අත්හිටුවිය. මෙම ඖෂධ වර්ග 5 ලබන සදුදා වන විට එම රෝහල්වලට ලබාදිමට ක්‍රියාකෙරේ. එක් පිළිකා ඖෂධයක් ගුවන් මගින් ගෙන්වා ගැනිමට තිරණය විය. පිළිකා ඖෂධ කඩිනමින් ලබාදිමට අපොහොසත් වන සැපයුම්කරුවන් අසාදුගත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය. දිවයින පුරා රෝහල්වල තවත් ඖෂධ 71 ක හිගයක් පවතින බව මෙහිදි හෙලිවිය. ඒවාද කඩිනමින් මිලදි ගැනේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *