ජාතික ගුවන් විදුලියේ සජීවී රටවටා නත්තල් වැඩසටහන අද රාත්‍රියේ

Share Button

නත්තල් උත්සවය වෙනුවෙන් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව සංවිධානය කරන රටවටා නත්තල් සජිවි වැඩසටහන අද රාත්‍රී 07.00 සිට 11.30 දක්වා සිංහල ස්වදේශිය සේවය ඔස්සේ විසුරුවා හැරේ. ජාතික ගුවන් විදුලියේ  රජරට සේවයෙන් අනුරාධපුර අලගොල්ලෑවද. කදුරට සේවයෙන් වහකෝට්ටේද . රුහුණු සේවයෙන් මාතර කොටුව ප්‍රදේශයද යාපනය සේවයෙන් නවාලි ගම්මානයද සජිවි විස්තර ප්‍රචාරය සදහා තෝරාගෙන තිබේ.

නත්තල් සීයා රැගත් කරත්තයකින් ඒ ඒ ගම් වටා සංචාරය කරමින් ජාතික සංහිදියාව සහ ආගමික සහජිවනයේ නත්තල් පණිඩිඩය රැගෙනයමින් දරුවන්ට ත්‍යාග බෙදාදිම මෙවර වැඩසටහනේ විශේෂත්වයයි. මෙම ගම්මාන හතරේ එක් එක් ගම්මානයෙන් තෝරා ගනු ලබන හොඳම ගවලෙන නිර්මාණයට තිළිණ පිරිනැමීමද සිදු කෙරේ.

ගම්මානයට ආසන්න දේවස්ථානයේදී මෙම තිළිණ පිරිනැමීමට නියමිතයි. මිගමුවේ මල්වත්ත ශුද්ධ වු ජුසේතුමාගේ දේවස්ථානයේ පැවැත්වෙන නත්තල් ප්‍රධාන දේව මෙහෙය අද රාත්‍රි 11.30 සිට සිංහල ස්වදේශිය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *