ඒකපුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවිමේ අරමුණින් දිවයිනේ අභ්‍යන්තර මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවිමට සැලසුම්.

Share Button

ඒකපුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවිම සදහා අභ්‍යන්තර මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවිය යුතු බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. ධිවර අමාත්‍යංශයේ ඊයේ පෙරවරුවේ නිලධාරින් සමග පැවති සාකච්ඡාවකදි ඔහු ඒ බව පැවසිය. රටතුල ඇති අභ්‍යන්තර ජලාශ දොළොස්දහසක් ඇතුඵ කුඩා වැව් විසිහත්දහසක පමණ. මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවිම මගින් දේශිය මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවිය හැකිය. පුද්ගලයෙක් අවම වශයෙන් වසරකට මාඵ කිලෝග්‍රූම් 46 ක් පරිභෝජනය කළ යුතුව ඇතත් මධ්‍යම කදුකරයේ ජනතාවගේ වාර්ෂික ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය කිලෝග්‍රූම් 12 ක් පමණ වේ. ඒ හේතුවෙන් මත්ස්‍ය පරිභෝජනයෙන් ලබාගත හැකි පෝෂණය රටේ අභ්‍යන්තර ප්‍රදේශවල ජනතාවට ලබාදිමට ධිවර අමාත්‍යංශයට විශාල වගකිමක් පැවරී තිබේ. ඊට අවශ්‍ය මග පෙන්විම ලබාදෙන බව ඇමතිවරයා පැවසිය. දේශිය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවිමට අවශ්‍ය වැඩපිළිවෙල කඩිනමින් සකස් කිරිමට ඔහු එහිදි නිලධාරින්ට උපදෙස් දුන්නේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10