උතුරේ පිඩාවට පත් ජනතාවට හිගයකින් තොරව ආහාර ද්‍රව්‍ය සැපයීමට ලංකා සතොස කටයුතු කරයි

Share Button

ගංවතුරට හසුවු උතුරේ ජනතාව තම සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර යුතුව ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. පාචනය වැනි බෝ වන රෝගවලින් වැලකීමට උණුකර නිවාගත් ජලය පානය කිරීම වැදගත්ය. තුවාල සිරීම් ඇත්නම් ජලයට නොබසින ලෙස අවවාද කෙරේ. ඩෙංගු බෝවන ස්ථාන සම්බන්ධයෙන් ද අවධානය යොමුකළ යුතුය
ජල ගැලීමෙන් අවතැන් වු ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව බෙදාහැරීමට ලංකා සතොස කටයුතු කර ඇත. පළමු අදියරේදි ආහාර රැගත් ලොරි රථ 5 ක් වැලිසර සතොස ගබඩා පරිශ්‍රයේ සිට උතුරේ අදාල ප්‍රදේශ කරා පිටත්ව ගොස් තිබේ. අදාල ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිගයක් ඇති බව එම ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන් රජයට දැනුම්දි තිබේ. මේ යටතේ හාල්. අල. පරිප්පු. එෑණු. කිරිපිටි. සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාහැරේ. අවශ්‍ය තරම් තොග රැස්කර තබා ගන්නැයි උතුරේ සතොස ශාඛා කළමනාකරුව්නට ලංකා සතොස සභාපති තාරික් කලීල් මහතා දැනුම්දි තිබේ.
පානය සඳහා ජලය ලබාගන්නා උතුරේ ලිං පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව ඉදිරිපත් වෙයි. තොන්ඩමනාරු. මාන්කුලම්. කොට්ටඩි ප්‍රදේශයන්හි ලිං පිරිසිදුකිරීමට නාවික හමුදා සහන කණ්ඩායම් 15ක් යොදවා තිබේ. මීට අමතරව ජංගම ප්‍රතිආශ්‍රුත යන්ත්‍ර මගින් පිරිසිදු ජලය ලීටර් දහසක් ජනතාවට බෙදාදිමට ක්‍රියා කර ඇත. නාවික හමුදාවේ ජංගම මුඑතැන්ගෙවල්. ආහාර පිසිීමේ උපකරණ.. ආහාර උණුසුම් කිරිමේ උපකරණ උතුරු පළාත ආවරණය වන පරිදි මේ වන විට ස්ථානගතකර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10