ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිවන උප්පැන්න සහතිකයක් ලබන වසරේ සිට

Share Button

ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිවන උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම ලබන වසරේ මාර්තු මාසයේදී ආරම්භ කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්. සී. විතානගේ මහතා පවසයි. විදේශ සංචාර සහ විදේශ රැකියා සදහා එය වඩාත් ඵලදායි වනු ඇති බව හෙතෙම පැවසීය. දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මගින් දැනට නිකුත් කරන උප්පැන්න සහතිකය ජාත්‍යන්තර පිළිගැනීමට ලක් නොවන්නේ ඒවාට අත්සන් තබන නිලධාරීන් වෙනස්වීම හේතුවෙන් බවද ඔහු පවසයි.

දිවයිනේ පිළිගත් එක රෙජිස්ට්‍රාර් වරයෙක් හෝ එක කොමසාරිස්වරයෙක් අත්සන් තබන ආකාරයට නව උප්පැන්න සහතිකය නිකුත් කිරීමට කටයුතු කරන බව ඔහු සදහන් කළේය. මේ අතර ඔප්පු සහ ඒ ආශ්‍රිත ලේඛන නිකුත් කිරීමේ එක්දින සේවාවක් ලබන වසරේ ජනවාරී මාසයේ මැද භාගයේ සිට ආරම්භ කරන බවද ඒ මහතා පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *