පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතාට ඇප

Share Button

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි එක්සත් ජනතා නිදහස් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ඇතුඵ සිව්දෙනාට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කරයි. සිව්දෙනාටම ලක්‍ෂ දෙක බැගින් වු ශරීර ඇප නියම කෙරිණි. පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා ඇතුඵ පිරිස රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුහ.
මේ අතර පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාවික හමුදාවේ හිටපු ප්‍රධාන සුඵ නිලධාරී උපුල් චමින්ද මහතා සහ නාවික නැවි සංජිත ප්‍රසාද් මහතා ජනවාරී 09 වැනිදා තෙක් තවදුරටත් රක්‍ෂත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *