ග්‍රාම ශක්ති ප්‍රතිපාදන යටතේ පලුගස්වැව ආසිරිගම ගම්මානයේ සංවර්ධන කටයුතු ඇරඹෙයි

Share Button

අනුරාධපුර පලුගස්වැව ආසිරිගම ගම්මානයේ සංවර්ධන කටයුතු ඇරඹෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එහි සංවර්ධනය සඳහා රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් වෙන්කර තිබේ. 2025 වන විට දිළිදුකම පිටුදැකිම සඳහා ජනාධිපතිතුමා ආරම්භ කළ ග්‍රාම ශක්ති වැඩපිළිවෙලට ආසිරිගම ගම්මානය සක්‍රීයව දායකවී සිටි.

ග්‍රාම ශක්ති උතුරු මැද පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පසුගිය 20 වැනිදා එක්වු ජනාධිපතිතුමා ආසිරිගම ග්‍රාම ශක්ති ගම්මානයේ සංචාරයක නිරත විය. එහිදී නව නිවාස. කෘෂි කර්මාන්තය සඳහා විධිමත් ජල සැපයුමක් මෙන්ම පෙර පාසල් ගොඩනැගිලි සම්බන්ධයෙන් ද ගම්වාසින්ගෙන් ජනාධිපතිතුමාට ඉල්ලීම් ඉදිරිපත් විය.

මෙම සංවර්ධන කටයුතු ආරම්භ කිරිම සඳහා ජනාධිපතිතුමා රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වෙන්කලේ ඒ අනුවයි. පෙර පාසල් දෙකක අබලන්ව පැවති ගොඩනැගිලි වෙනුවට නව ගොඩනැගිලි ඉදිකිරිමට මුල්ගල තැබීම ඇතුඑ සංවර්ධන ව්‍යාපෘති රැසක් ඊයේ ආරම්භ කෙරිණි. දින 7 ක් ගතවීමටත් පෙර තම ඉල්ලීම ඉටුකර දිම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු ජනාධිපතිතුමාට සිය කෘතඥතාව පලකරති.

ග්‍රාම ශක්ති වැඩපිළිවෙල යටතේ මේ වන විට සක්‍රීයව වැඩ අරඹා ඇති ගම්මාන සංඛ්‍යාව දහසකි. ඉන් 700 ක් ප්‍රජා පාලිත ගම්මාන වෙයි. ඉතිරි 300 නිෂ්පාදන හා සේවා අභිමුඛ ගම්මාන ලෙස ක්‍රියාත්මක වෙයි. 2020 වන විට එම ගම්මාන සංඛ්‍යාව හාරදහස දක්වා ඉහළ නංවන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දි තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *