බස්ගාස්තු පහත දැමීමේ වාසිය මගී ජනතාවට ලබා නොදෙන බස් හිමියන්ට එරෙහිව ලබන සඳුදායින් පසුව නෛතික ක්‍රියාමාර්ග

Share Button

ජනතාවට සහනයක් ලෙස රජය ක්‍රියාත්මක කළ බස්ගාස්තු පහත දැමීම තවමත් නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට මගී ජනතාවගෙන් පැමිණිලි ලැබෙමින් පවතී. පසුගිය බදාදා මධ්‍යම රාත්‍රියේ බස් ගාස්තු පහත දැමීම ක්‍රියාත්මක කෙරුණ ද ඊයේ දිනයේ ද මාර්ග රැසක එය ක්‍රියාත්මක වී නැත.

මේ සම්බන්ධයේන අප කළ විමසුමකදී ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති එම් ඒ පී හේමචන්ද්‍ර මහතා පැවසුවේ බස් කොන්දොස්තර වරුන් ඒ පිලිබඳව දැනුවත් කර ඇති බවයි. විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකෙරෙන අතර ගාස්තු අඩු කිරිමේ වාසිය ජනතාවට ලබා නොදෙන බස් රථ හිමියන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනිම ලබන සඳුදා ආරම්භ කරන බව ඔහු සඳහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *