ලංකා විදුලිබල මන්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත්කර විදුලි පාරිභෝගිකයන්ට සහන සලසන බව විදුලිබල ඇමතිවරයා කියයි

Share Button

ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආතනයක් බවට පත්කර විදුලි පාරිභෝගිකයන්ට සහන සලසන බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමති රවී කරුණානායක මහතා කියයි. විදුලිබල වෘත්තිය සමිති නියෝජිතයන් පිරිසක් සමග අද පැවති සාකච්ඡාවකදි ඔහු ඒ බව සඳහන් කලේය.

වෘත්තීයස මිති නියෝජිතයන් බහුතරයක් පෙන්වා දුන්නේ විදුලිබල මණ්ඩලය ඇතුඑ ආයතන ගනනාවක කටයුතු මුල්‍ය විනයකින් තොරව සිදුවන බවයි. අතිරික්ත සේවක පිරිසක් සිටියද විදුලි සේවා ලබාදීම පෞද්ගලික ආයතනවලට පැවරීමෙන් රජයට විශාල පාඩුවක් සිදුවන බව ඔවුහු පෙන්වා දුන්හ.

ලංකා විදුලිබල මණ්ඩලයේ පවතින මුල්‍ය හා සේවක විෂමතා මගහැරවිමට ක්‍රියාකරන බව ඇමතිවරයට එහිදි පැවසිය. ඔහු ඒ සඳහා වෘත්තිය සමිතිවල සහාය ඉල්ලා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *