පිඩාවට පත් ජනතාවට සහන සැලසීම සොයා බැලීමට අගමැතිවරයා උතුරේ සංචාරයක

Share Button

අයහපත් කාලගුනයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසිමේ කටයුතු සොයා බැලිම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද උතුරේ සංචාරයක නිරත විය. සහන සැලසිමේ කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේදි අද පස්වරුවේ පැවැත්විණ.

එම දිස්ත්‍රික්කවල දිසා ලේකම්වරු ප්‍රමුඛ නිලධාරිහු ඊට එක්ව සිටියහ. රුපියල් දස දහසක අවමයකට යටත්ව ලබන සඳුදාට පෙර පිඩාවට පත් පවුල් සඳහා සහනාධාර ලබාදෙන බවට අගමැතිවරයා එහිදි ප්‍රතිඥා දුන්නේය. සත්ව ගොවිපල හානිවු පිරිස් සඳහා ආධාර සැපයේ. සෞඛ්‍ය. අධ්‍යාපන හා කෘෂිකර්ම අමාත්‍යාංශ සමග සාකච්ඡා කර පීඩාවට පත්වුවන්ට අවශ්‍ය සහන සලසන බව අගමැතිවරයා පැවසීය.

ක්ෂුද්‍ර මුල්‍ය ණය ලබාගත් පුද්ගලයන්ගේ අදාල පොලි මුදල් අයකිරීමේදී මසක සහන කාලයක් ලබාදිම සඳහා අදාල ආයතන සමග සාකච්ඡා කෙරේ. කිලිනොච්චිය මධ්‍ය මහ විද්‍යාලයේ ස්ථාපිත කර ඇති තාවකාලික මධ්‍යස්ථානය වෙත ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහි රැදී සිටින අයගේ සුවදුක් විමසීය. පීඩාවට පත්වුවන්ට මුල්‍යාධාර ලබාදිම සංකේතවත් කරමින් දස දෙනෙකුට චෙක්පත් පිරිනැමීම ද අගමැතිවරයා එහිදී සිදුකලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *