වෙළෙදපලේ බිත්තර මිල ඉහලයාම අසාමාන්‍ය තත්ත්වයක් බවට ප්‍රකාශයක්

Share Button

වෙළෙදපලේ බිත්තර මිල ඉහලයාම සැබැවින්ම අසාමාන්‍ය තත්ත්වයක් බව ආර්ථික විශේෂඥවරියක ද වන පශු වෛද්‍ය හේමමාලි කොතලාවල මහත්මිය කියයි. මේ වන විට වෙළෙදපලේ බිත්තරයක් රුපියල් 22 කට ද අලෙවි කෙරේ. දේශිය පරිභෝජනය සදහා අවශ්‍ය බිත්තර රටතුල නිෂ්පාදනය කෙරෙන බව කොතලාවල මහත්මිය කියයි. එමනිසා බිත්තර ආනයනය කිරිමේ අවශ්‍යතාවක් නැත. පසුගිය කාලයේ බිත්තර මිල පහත වැටිම හේතුවෙන් කුකුලු ගොවිපලහිමියෝ බිත්තර දමන වයසේ කිකිළියන් ගොවිපලින් ඉවත්කිරිමට ක්‍රියාකලහ. වෙළෙදපලේ බිත්තර මිල ඉහලයාමට එය එක් හේතුවක් ලෙස දැක්විය හැකිය. එම ගැටලුවට විසදුම් වශයෙන් විදේශයන්ගෙන් ගෙන්වු කිකිළියන් ගොවිපල වලට ලබාදි තිබේ. කෙසේ වෙතත් ලබන මාසය වන විට වෙළෙදපලේ බිත්තර මිල ගණන් පහත වැටෙනු ඇතැයි පශු වෛද්‍ය හේමමාලි කොතලාවල මහත්මිය විශ්වාසය පලකරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *