මාවනැල්ල සහ කඩුගන්නාව ප්‍රදේශයේ හානි පමුණුවා තිබූ බුද්ධ ප්‍රතිමා ලබන සතිය වන විට යළි ප්‍රතිසංස්කරණය කර අවසන් කිරිමට සැලසුම්

Share Button

මාවනැල්ල සහ කඩුගන්නාව ප්‍රදේශයේ ස්ථාන 4 ක ඉදිකර තිබු බුද්ධ ප්‍රතිමා විනාශ කිීරිමේ සිද්ධිය පිළිබඳව කඩිනම් විමර්ශනයක් පැවැත්වීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් යෙදවීමට පියවර ගත් බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අදාල විමර්ශන කටයුතු සඳහා කෑගල්ල පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ එච් බී ඒ කේ නිල්මල්ගොඩ මහතාගේ අධීක්ෂණය යටතේ නිලධාරින් පිරිසක් සහභාගි වුහ. මෙම බුද්ධ ප්‍රතිමා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ඒවා නොවන බව මූළික පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. එහෙත් ජනතාවගේ ගරුබුහුමන් ලැබූ එම පුජනීය බුද්ධ ප්‍රතිමා යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැදගත්කම සහ අවශ්‍යතාව කිසිසේත් බැහැර කළ නොහැකි බව ඇමතිවරයා සඳහන් කරයි. බුද්ධ ප්‍රතිමා යළි ගොඩනැගිම සඳහා වැය වන මුදල් දැනටමත් ඇස්තමේන්තුකර තිබේ. එම කටයුතු ඉදිරි සතිය තුල අවසන් කරන බව ඇමතිවරයා අවධාරණය කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *