මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇති ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනයක්

Share Button

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සමස්ථයක් ලෙස සලකා බැලීමේදි පසුගිය වසරවලට වඩා ජීව. හෞතික. ජෛව පද්ධති. ඉංජිනේරු යන විෂය ධාරාවලින් සමත් සිසුන්ගේ සංඛ්‍යාවේ කෑපී පෙනෙන වැඩිවිමක් ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පුජිත මහතා පවසයි. එමෙන්ම විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව සියයට 64 යි දශම 6 යි 8 ක් වීම ද විශේෂත්වයකි. කලා. වානිජ සහ තාක්ෂණවේදය විෂය ධාරාවලින් බැහැර පළාත්වල සිසුන් ඉහළ ප්‍රගතියක් ලබාගෙන තිබේ. නාගරික මට්ටමින් විද්‍යා විෂයධාරාවලින් ඉදිරියෙන් පවතින බව ඔහු පවසයි. විභාගයේදී විශේෂ සමීක්ෂණයකට ලක්වු සිසුන් 119 කගේ ප්‍රතිඵල මෙවර අත්හිටුවා තිබේ. පිළිතුරු පත්‍ර නැවත සමික්ෂණයට ඉල්ලුම් කිරිම ලබාදි ඇති කාලය ලබන මස 16 වැනිදායින් අවසන් වෙයි. ඊට අදාල අයඳුම්පත්‍ර රජයේ පුවත්පත්වල හෙට පලකරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ද එය ලබාගත හැකිය

***********

අද නිකුත් කළ උසස් පෙළ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශයට සිසුන් ඇතුලත් කිරීම කඩිනමින් ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. ඊට අදාල අත්පොත මේ වන විට මුද්‍රණය කොට අවසන්ය. ඉදිරි දින කිහිපයේදි එය සිසුන්ට ලබාගත හැකි බව එම කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් සිල්වා මහතා පවසයි. එම අත්පොත හොඳ අවබෝධයකින් කියවා තමන්ට අයඳුම්කළ හැකි පාඨමාලා වැඩිම සංඛ්‍යාවක් සඳහා ඉල්ලුම් කිරීම වැදගත් බව හෙතෙම පෙන්වා දෙයි. ඇතැම් සිසුහු පාඨමාලා දෙකක් හෝ තුනක් සඳහා ඉල්ලුම් කරති. ඒ හේතුවෙන් සිසුන්ට වඩාත් සුදුසු පාඨමාලා අහිමිවී යයි. මුලදී ඉල්ලුම් නොකිරීම නිසා පසුව එම පාඨමාලා සඳහා ඉල්ලුම් කිරීමට සිසුන්ට අවස්ථාවක් ලබාදිමට නොහැකි බව මහාචර්යවරයා සඳහන් කරයි. 2019 වසර සඳහා විශ්ව විද්‍යාවලට ඇතුලත්කර ගන්නා සිසුන්ගේ සංඛ්‍යාව වැඩි කෙරේ. අලුතින් පාඨමාලා කිහිපයක් ම හඳුන්වාදීමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *