භූමිතෙල් උද්ඝෝෂණය පිටුපස අදිසි හස්තයක්

Share Button

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩු කිරිමට රජය තීරණය කර තිබේ. එය අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ප්‍රකාශ කළේය.  එසේ තිබිය දී තවදුරටත් භූමිතෙල් මිල අඩු කරන ලෙස ඉල්ලා මීගමුව ධීවර පිරිසක් උද්ඝෝෂණය කිරීමට සූදානමක් ඇති බවට තොරතරු වාර්තා වෙනවා.

ඔවුන්ගේ ඉල්ලීම වන්නේ භූමිතෙල් ලීටරය රුපියල් 44 දක්වා අඩු කරන ලෙසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ මීගමුව ප්‍රදේශයේ දේශපාලන ප්‍රබලයෙකු මේ පිටුපස සිටින බවට ජනතාව චෝදනා එල්ල කරනවා. පසුගිය රජය සමයේ රැපියල් 81 ව පැවති භූමිතෙල් මිල වත්මන් රජය විසින් රුපියල් 70 දක්වා පහල දමා තිබියදී පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ධීවරයන් පොලඹවන බව ආගමික නායකයෝ ද පවසති. රුපියල් ලක්ෂ ගණන් වියදම් කරමින් මීගමුව කතෝලික පල්ලි මේ සඳහා යොමු කර ගැනීමට අදාළ දේශපාලඥයා උත්සහ ගනිමින් සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *