තවත් රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙති

Share Button

තවත් රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද [12] දිවුරුම් දුන්නා. සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රංජිත් අලුවිහාරේ මහතාත්, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතාත් දිවුරුම් දී තිබේ.

මේ අතර කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අංගජන් රාමනාදන් මහතාත්, පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් මානප්පෙරුම මහතාත් අද උදෑසන දිවුරුම් දුන්නා. අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වන්නේ එඩ්වඩ් ගුණසේකර මහතායි. කාදර් මස්තාන් මහතාට හිමිව ඇත්තේ, නැවත පදිංචි කිරීම්, පුනරුත්තාපන උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය යි. නලින් බණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන හා කළමණාකරන සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *