විස්සයි විස්ස ලෝක කුසලානයයේදී ශ්‍රි ලංකාව සුදුසුකම් ලැබීමේ තරග වටයට

Share Button

ඉදිරි ඕවර් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබිමට නම් ශ්‍රි ලංකාව සහ බංග්ලාදේශය මුළික වටයේ තරග සඳහා සහභාගි විය යුතුය. මෙම සුදුසුකම් ලැබීමේ කාණ්ඩ තරගාවලිය ලබන වසරේ ඔක්තෝබර් 18 වැනිදා සිට එම වසරේ නොවැම්බර් 15 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේදි පැවැත්වේ. මෙහිදී ලබාගන්නා ජයග්‍රහනය අනුව ලෝක කුසලානයේ සුපිරි 12 ස් දෙනාගේ කාණ්ඩයට ශ්‍රි ලංකාවට පැමිණිය හැක.

ඊයේ නිමාවට පත්වු වසරේදී සිදුකළ අවසන් විස්සයි විස්ස කන්ඩායම් ශ්‍රේනිගත කිරීමේදි මුල් ස්ථාන අටේ සිටින කණ්ඩායම් සෘජුවම 12 ස් දෙනාගේ වටයට එක්විය. ශ්‍රි ලංකාව. බංග්ලාදේශය හා තවත් රටවල් 6 ක් සුදුසුකම් ලැබීමේ කාණ්ඩ තරගාවලියට ක්‍රිඩා කරන අතර ඉන් සුදුසුකම් ලබාගන්නා කණඩායම් 4 ක් 12 දෙනාගේ තරගාවලියට එක්වෙයි. ශ්‍රි ලංකාව අභිබවමින් ඇෆ්ගනිස්ථානය ප්‍රථම වතාවට සෘජුවම තරගාවලියට සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි.

ඊට සෘජුවම සුදුසුකම් ලබාගත් අනෙකුත් රටවල් වන්නේ එංගලන්තය. ඔස්ට්‍රේලියාව. දකුණු අප්‍රිකාව. නවසීලන්තය. ඉන්දියාව. පකිස්ථානය. සහ බටහිර ඉන්දිය කොදෙව් කණඩායම්ය.. තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගැනිමට නොහැකිවීම කනගාටුවක් බව ශ්‍රි ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පවසයි. ඕවර් විසසයි විස්ස ශූරතා තරගාවලිය ඇරඹුන දා සිට වරක් ශූරතාවය ද අනුශූරතාද දිනාගනිමින් ශ්‍රි ලංකාව දස්කම් දැක්වු රටක් බව ඔහු කියා සිටී

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *