ආණ්ඩුවේ අරමුණු සමග වැඩ නොකරන රජයේ සේවකයින් ආණ්ඩු විරෝධීන් නොව රාජ්‍ය විරෝධීන් බව අධ්‍යාපන ඇමති පවසයි
අධ්‍යාපනයේ උන්නතිය සඳහා පක්ෂ පාට භේදයකින් තොරව එක් අරමුණකින් ක්‍රියා කළ යුතු යැයි ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. නව වසරේදි අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කරමින් ඔහු මේ බව කිවේය. අධ්‍යාපන අමාත්‍යාංශය නිශ්චිත ප්‍රතිඵල ලබාගතහැකි ප්‍රතිපත්ති හා තිරණ ක්‍රියාත්මක කළ යුතුය. ඒවා නියමිත කාල රාමුවක් ඔස්සේ ක්‍රියාවට නැංවීම වැදගත් වෙයි