නවසීලන්තය සමග එක්දින තරගාවලිය සදහා සධීර සමරවික්‍රම නවසීලන්තයට

Share Button

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අනිද්දා මවුන්ට් මන්ගුනායි හිදී ආරම්භ වෙයි. ඊට සහභාගිවීම සඳහා ඉදිරි පෙළ පිතිකරුවකු වන සධීර සමරවික්‍රම නවසීලන්තය බලා පිටත්ව ගොස් තිබේ. ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ඔහු ක්‍රීඩා කිරීමට නියමිතයි.

23 හැවිරිදි සධීර සමරවික්‍රම ජාත්‍යන්තර තරග 6 කට සහභාගි වී ඇති අතර රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 132 කි. තරගාවලියේ දෙවැනි තරගය ද එම පිටියේදීම ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. 3 වැනි හා අවසන් එක්දින තරගය නෙල්සන් හිදි ලබන 8 වැනිදා පැවැත්වේ. කණ්ඩායම් දෙක අතර පැවති ටෙස්ට් තරගාවලිය එකට බින්දුවක් වශයෙන් ජයගැනීමට නවසීලන්තය සමත් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *