රට පුරා තැපැල් වර්ජනයක ලකුණු

Share Button

තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන් ගේ සංගමය හැර වෘත්තීය සමිති 24 ක් තැපැල් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහා වෙන් වූ වෙනම බඳවා ගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක කිරීම , වැඩබලන උප තැපැල් ස්ථානාධිවරුන්ගේ රැකියාව සුරක්ෂිත කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මේ වැඩවර්ජනයට පාදක වී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු කේ. එම්. චින්තක බණ්ඩාර මහතා පවසයි. මේ වන විට සියලුම තැපැල් ප්‍රවාහන කටයුතු ද , ලිපි බෙදීම , භාරගැනීම හා ප්‍රවාහනයද මුළු මුනින්ම නතර වී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *