නව වසරේදී ඉදිරි දැක්මකින් යුතුව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව මහ බැංකු අධිපතිවරයා කියයි.

Share Button

ශ්‍රී ලංකා මහ බැංකුව 2019 දී ඉදිරි දැක්මකින් යුතුව සිය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියයි. නව වර්ෂය සදහා මුදල් හා මුල්‍ය අංශ ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය. මධ්‍යකාලීන වශයෙන් උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම වැදගත්වෙයි. ඒ සදහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. බැංකු අංශවල තරගකාරීත්වය වැඩිදියුණු කිරීම සදහා විකල්ප පදනම් පොලී අනුපාතිකයන් හදුන්වාදීමට අපේක්ෂිත බවද හෙතෙම පැවසීය. ඉහළ යන ජාත්‍යන්තර පොලි අනුපාතික හමුවේ විදේශ ප්‍රාග්ධනය පිටතට ගලායාම වැළැක්වීම සදහා සංචිත ශක්තිමත් කෙරේ. බලපත්‍රලාභි බැංකු සදහා නියාමන රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමට නව බැංකු පණතින් කටයුතු කරන බවද මහ බැංකු අධිපතිවරයා සදහන් කළේය. තවමත් නොවිසදුනු අර්බුදකාරී සමාගම්වල ගැටඵ මුදල් ව්‍යාපාර පණතට අදාළව විසදීමට කටයුතු කෙරේ. 2019 වර්ෂයේ වෙළෙඳපොල හා ණය කළමනාකරණය වැඩිදියුණු කිරීමට ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කෙරේ. රාජ්‍ය සුරැකුම් සදහා මධ්‍යම ප්‍රතිපාර්ශව නිශ්කාශනාගාරයන් සහිතව විද්යුත් හුවමාරු පහසුකම් ස්ථාපනය කිරීමට හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පණත සහ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පණත සංශෝධනය කරන බවද මහබැංකු අධිපතිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *