මිහින් ලංකා මුල් අධ්‍යක්ෂ මණ්ඩලයේ පත් කිරීම් නිවරුදි නෑ

Share Button

පුද්ගලික සමාගමක් වන මිහින් ලංකා සමාගමේ මුල් අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට ප්‍රථම සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව නිසි ලේඛන තහවුරු කිරීමක් සිදු කර නොමැති බව සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් නිහාල් රන්ජන් සිර්වර්ධන මහතා ඊයේ (11) පැවති සාක්ෂි විභාගය අතරතුර පිළිගෙන තිබේ.

ශ්‍රි ලංකා එයාර්, ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා ගුවන් සමාගම යන ආයතනවල අක්‍රමිකතා සෙවීම සඳහා හිටටු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර ඇත.

සමගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව නිසි ලේඛන තහවුරු කිරීමක් සිදු කර නොමැති බව කොමිසමේ විභාගයෙන් නිරීක්ෂණය වන බව අනිල් ගුණරත්න මහතා ප්‍රකාශ කළ විට සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාද ඒ බව පිළිගෙන තිබේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *