ශ්‍රි ලංකා නවසිලන්ත පළමු එක්දින ජාත්‍යන්තර තරගයේ ජය නවසීලන්තයට

Share Button

ශ්‍රි ලංකාවත් නවසීලන්තයත් අතර ප්‍රථම එක්දින ක්‍රිකට් තරගය ලකුණු 45 කින් ජය ලැබීමට නවසීලන්ත පිල සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ඕවර් 50 අවසානයේ කඩුලු 7 ක් දැවි ලකුනු 371 ක් රැස්කලේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා පිල පන්දු වාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 326 ක් පමණි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 102 ක් රැස්කලේය.

ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහල කණ්ඩායම් අතර පී සරවනමුත්තු ක්‍රිඩාංගණයේදී පැවැත්වුනු ප්‍රථම එක්දින ක්‍රිකට් තරගය කඩුලු 7 කින් ජයලැබීමට ඕස්ට්‍රේලියානු පිල සමත්විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දු වාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 262 ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියානු පිල පන්දුවාර 47 යි පන්දු 5 කදී කඩුලු 3 ක් දැවි ලකුනු 263 ක් රැස්කරමින් තරගය ජයග්‍රහනය කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *