මාතර මිරිස්ස මුහුදු ප්‍රදේශයේ තල්මසුන් නැරඹීමේ කටයුතු විධිමත් කෙරේ

Share Button

මාතර මිරිස්ස මුහුදු ප්‍රදේශයේ තල්මසුන් නැරඹීමේ කාර්යයන් විධිමත් කෙරේ. මෙහිදි තල්මසුන්ගේ ජීවිත සුරක්ෂිත වන පරිදි ඔවුන් නැරඹීමට විධිවිධාන යොදනු ලැබේ. තල්මසුන් නැරඹීම සඳහා යොදා ඇති බෝට්ටු සේවාවේ පවතින අඩුලුහුඩුකම් සාකච්ඡා කර එය විධිමත් කිරීම සඳහා බෝට්ටු සේවා සැපයුම්කරුවන් සමග අමාත්‍ය සාගල රත්නායක මහතා අද සාකච්ඡාවක් පැවැත්වීය.

දිනකට සංචාරකයින් දෙදහසක් පමණ තල්මසුන් නැරඹීම සඳහා මිරිස්ස ප්‍රදේශයට පැමිණෙන නමුත් නිසි ක්‍රමවේදයක් නොමැතිවිමෙන් රජයට රුපියල් ලක්ෂ 45 ක පමණ පාඩුවක් සිදුවන බව තල්මසුන් නැරඹීමේ සහ ජල සංගමයේ සභාපති පී ඩබ්ලිව් එඩ්වින් සිල්වා මහතා පැවසීය. අමාත්‍ය රංජිත් අඑවිහාරේ මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *