කර්තෘ භාග ලබාගැනිමේ නෛතික ප්‍රතිපාදන පිළිබඳව බුද්ධිමය දේපල කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පැහැදිලි කරයි

Share Button

ප්‍රසිද්ධ සංගීත සංදර්ශනවලදී ගායනා කරණ ගීත සඳහා කතෘ භාගය ගෙවීම අනිවාර්යය බව බුද්ධිමය දේපල කාර්යංශයේ අධයක්ෂ ජනරාල් ජී ආර් රණවක මහත්මිය පවසයි. මුල් ගායකයාට සහ පද රචකයාට කතෘ භාගය නොලැබෙන බවට පැමිණිලි ලැබෙමින් පවති. මාධ්‍ය ආයතන සහ නාගරික මෙන්ම ප්‍රාදේශිය මට්ටමින් පවත්වන සංදර්ශනවලදී කතෘභාගය ගෙවිය යුතු බව ඇය අවධාරණය කරයි.

කිසියම් ගායකයෙකුට කතෘභාග නොලැබෙන්නේ නම් ප්‍රාදේශිය ලේකම්වරයාට හෝ පොලිසියට පැමිණිලි කර ඒවා ලබාගැනිමේ නෛතික ප්‍රතිපාදන පවති. කතෘ භාග ගෙවීම සම්බන්ධ නීතිය තවදුරටත් බලගැන්විම සඳහා එය නුදුරේදිම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කෙරේ. එමගින් කතෘ භාග නොගෙවන ආයතන සහ පුද්ගලයින්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව සැලසෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කලාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *