ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ නැන්සි පෙලොසි මහත්මිය එරට නියෝජිත මන්ත්‍රණ මණ්ඩලයේ කථානායක ධුරයට තේරී පත්වෙයි

Share Button

ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ නැන්සි පෙලොසි මහත්මිය එරට නියෝජිත මන්ත්‍රණ මණ්ඩලයේ කථානායක ධුරයට තේරී පත්වෙයි. ඉකුත් නොවැම්බර් මාසයේ පැවති මැතිවරණයෙන් ඇගේ පක්ෂය එහි බහුතර බලය තහවුරු කර ගැනීමට සමත් විය. මෙම ධුරය සදහා පෙලොසි මහත්මිය පත්වු දෙවැනි අවස්ථාව මෙයයි. 2007-2011 කාලය තුළදී ද ඇය කථානායක ධුරය දැරූ අතර එම කාලයේ දී රිපබ්ලිකන් පක්ෂය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය දිනා ගෙන සිටියේය. ඊයේ පැවති ඡන්ද විමසීමේදී පෙලොසි මහත්මියට ඡන්ද 220 ක් ලැබුණු අතර රිපබ්ලිකන් පක්ෂයේ කෙවින් මැක්කාර්ති මහතාට හිමිවුයේ ඡන්ද 192 ක් පමණි. සිය ජයග්‍රහණයෙන් පසු පෙලොසි මහත්මිය සදහන් කළේ රජයේ ආයතන වසා දැමීම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. කෙසේවෙතත් මෙක්සිකෝ දේශසීමාව සදහා ඉදිකිරීමට නියමිත තාප්පයට සහාය නොදෙන බවද ඇය කිවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *