විභාග දෙකක් කල් යයි

Share Button

මේ මස 16 හා 18 දිනවල පැවැත්වීමට නියමිත විභාග දෙකක් ලබන 23 වෙනිදා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ, ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධ සම්බන්ධිකාරක / භාෂා ඇමතුම් සම්බන්ධීකාරක නිලධාරි සඳහා වන පළමු වන කාර්යක්ෂමතා කඩයිම් විභාගය 2017 සහ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ 3 වන ශ්‍රේණියේ ජනපද නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2016 (2017) (2108) යන විභාගයි.

විභාග දෙපාර්තමේන්තුව සකස් කළ සංශෝධිත විභාග දින දර්ශනය අනුව එම විභාග ලබන 23 වෙනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *