සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරිමේ මහෝත්සවයට සියඵ කටයුතු සුදානම්

Share Button

සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කිරීමේ මහෝත්සවයට සියඵ කටයුතු සුදානම් බව බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් ඒ. පී. ජී. කිත්සිරි මහතා පවසයි. ත්‍රෛනිකායික මහා නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය 1500 නමක් ඊට වැඩම කරති. ඒ නිමිත්තෙන් දිවයිනපුරා විහාරස්ථානවල ආලෝක පුජා ඇතුඵ ආගමික උත්සව රැසක්ද සංවිධාන කර තිබේ.

ඉන්පසුව ත්‍රිපිටකය අවභාවිත කිරීම්වලට එරෙහිව නෛතික පියවර ගැනීමේ බලය රජයට පැවරේ. එය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉදිරියේදී පනතක් ලෙස ඉදිරිපත් කිරීම බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ අපේක්ෂාව බව ලේකම්වරයා පැවසීය. ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික මහෝත්සවය මාතලේ ඵෙතිහාසික අලුවිහාරේදී හෙට පැවැත්වේ. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන ලේකම්වරයා.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *