මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පලමු නිරීක්ෂණ දුම්රිය ධාවනය ලබන ඉරිදා

Share Button

අභිනවයෙන් ඉදිකළ මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පලමු දුම්රිය ධාවනය අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ නිරීක්ෂණය යටතේ ලබන ඉරිදා පෙරවරු 10.00 ට සිදු කෙරේ. මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අදියර තුනක් යටතේ සිදු කෙරෙන අතර එහි පලමු අදියර වන්නේ කිලෝමිටර් 26 ක දුරකින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසයි.

මෙම අදියර සදහා වැය කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 278 කි. චීන එක්සිම් බැංකුව ඒ සදහා මුල්‍ය ප්‍රතිපාදන සපයයි. මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන හතරකි. කැකනදුර. බඹරැන්ද. වැවුරුකන්නල සහ බෙලිඅත්ත එම දුම්රිය ස්ථානයි. ලංකාවේ දිගම දුම්රිය උමග පිහිටා ඇත්තේ ද මෙම දුම්රිය මාර්ගයේය.

එහි දිග ප්‍රමාණය මීටර් 615 කි. මාතර – කතරගම දුම්රිය මාර්ගයේ දෙවැනි අදියර බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වන අතර එහි දුර කිලෝමිටර් 48 කි. තෙවැනි අදියර වන හම්බන්තොට සිට කතරගම දක්වා කොටස කිලෝමිටර් 39 ක දුරකින් යුක්තය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *