දිවයිනපුරා පවතින පානිය ජල ගැටඵව විසදීමට කඩිනම් පියවර

Share Button

උතුරු හා නැගෙනහිර ඇතුඵ දිවයිනපුරා පවතින පානිය ජල ප්‍රශ්නය විසදීම සදහා කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. යාපනය හා කල්පිටිය ප්‍රදේශවල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආදි ප්‍රදේශවලට මුහුදු ජලය භාවිතයෙන් පානිය ජලය සැපයීමේ යෝජනා ක්‍රමයක් පිළිබඳව කඩිනමින් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පොතුවිල් ප්‍රදේශයට හැඩඔය මගින් පානිය ජලය සපයා ගැනීම වඩා යෝග්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පානිය ජල ගැටඵව පිළිබඳව අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය. දිවයිනපුරා ක්‍රියාත්මක මහපරිමාන ජල සම්පාදන හා සනිපාරක්ෂක ව්‍යාපෘතිවල වර්තමාන තත්ත්වය සහ නව වසරේ යෝජිත ව්‍යාපෘති පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරින.

ඉරණමඩු ජලාශය මගින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගොවිජනතාවගේ මෙන්ම යාපනය අර්ධද්වීපයේ ජනතාවගේ ද පානිය ජල අවශ්‍යතාව සපුරාලිය හැකි බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. කැළණිගග දකුණු ඉවුර ජලසම්පාදන ව්‍යාපෘතිය. කටාන ජලසම්පාදන ව්‍යාපෘතිය ඇතුඵ දිවයිනපුරා ක්‍රියාත්මක ජලසම්පාදන ව්‍යාපෘති කෙරෙහි මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරින.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *