පළාත් පහක නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

Share Button

පළාත් 5 ක් සඳහා පත්කෙරුණු නව ආණ්ඩුකාරවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දෙති. ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් අසාද් සාලි මහතා ද. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා ද. උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් සරත් ඒකනායක මහතා ද.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් පේෂල ජයරත්න මහතා ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් එම් එල් ඒ එම්. හිස්බුල්ලා මහතා ද ජනාධිපතිතුමා ඉදිරියේ අද දිව්රුම් දුන්හ. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති දිවුරුම්දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා එක්ව සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *